පළවෙනි එක නම් නෙමෙයි

 


ආයුබෝවන්!

බ්ලොග් එක අලුත් උනාට මං ලියන පළවෙනි බ්ලොග් පෝස්ට් එක නෙමෙයි මේක. 2013 මැද ඉඳල 2014 මැද වෙනකන් අවුරුද්දකට කිට්ටු වෙන්න කාලයක් මං බ්ලොග් එකක් ලිව්ව. යාලුවො තුන් දෙනෙක් එක්ක. විව්ස් විසි පන්දාහක් විතර තිබ්බ. ඒත් පොඩි පොඩි ප්‍රශ්න ටිකක් හින්ද පස්සෙ ඒක නැවතුනා. දිග කතාවක්. ඕනෙම නම් මුණගැහුණු දවසක ප්ලේන්ටියක් ගහන ගමන් කතා කරමු ඒ ගැන.

ඊට කාලෙකට පස්සෙ මට ආයෙත් ලියන්න හිතුන. මං ලියන්න දක්ෂ නැති උනාට ලියන්න ආසයි. ඒ ලියන්න පටන් ගත්ත බ්ලොග් එකත් පෝස්ට් තුන හතරකට පස්සෙ නැවතුනා. ඒ නම් වෙලාවක් නැති කමට. මිනිස්සු පටන් ගන්න බ්ලොග් වලින් සියට අනූවකට වෙන්නෙ ඕක ලු (ඉන්ටනෙට් එකේ තියෙන මේ වගෙ ඉලක්කං වලින් සියට හැත්තෑ තුනයි දශම හයක් බොරු ලු). එහෙමම ඒකෙ ලොගින් ඩීටේල්සුත් අමතක වෙලා ගියා.

ඉතින් ඊටත් අවුරුදු ගානකට පස්සෙ ආයෙත් ආව ලියන්න තියෙන ආසාවට. 

බලමු මේ පාරවත්.

You Might Also Like

2 comments

  1. ලියන ඕනෑම දෙයක් නොලියන දෙයකට වඩා වටිනවා. ඒ නිසා ලියන්න. ලිවීම විනෝදාංශයක් වූ කිහිප දෙනෙකුගේ කැපවීම නිසා කියවීම විනෝදාංශයක් කරගත් බහුතරයක් (මම වැනි) දෙනා ඒවා රස විඳිනවා. දිගටම ලියන්න සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. මගෙ කලින් බ්ලොග් වලත් හිටිය ඒව කියවන්න ආපු සෑම් කෙනෙක්. ඒත් උඹම ද දන්නෙ නෑ.. බොහොම ස්තූතියි ආපු එකට. ආපහු ආපු වෙලාවක බ්ලොග් එක ෆලෝ කරල එකතු වෙන්න.

      Delete